වසර පහළොවකට පමණ පෙර සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා අනාවැකියක් පළ කළේය. ඒ පැහැදිලි අනාගතයක්‌ ඇති දක්‌ෂ නළුවකු ලෙස මහේන්ද්‍ර පෙරේරා කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවය. මහේන්ද්‍ර තම රංගනය ඔප් නංවා ගනිමින් ද හොඳම නළු සම්මානය පිට පිට දිනාගනිමින් ද එදා කියූ ඒ අනාවැකිය පසක් කර හමාර ය.

පසුගිය වසර කිහිපය ඔබේ ජීවිතයේ පමා වී ආ වසන්තය වගේ දෝ හැඟෙනවා?

ඔය අහන්නේ එක දිගට ලැබුණු සම්මාන ගැන වෙන්න ඇති. මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 40 කට කිට්ටුයි. සෑහෙන කාලයක් යනකල් සම්මානයකට නිර්දේශ වුණෙත් නැහැ. නමුත්, මම ජීවිතේට සම්මානයක් අරමුණු කරගෙන රඟපාන්නෙත් නැහැ. රඟපාලත් නැහැ. දැන් අවුරුදු කිහිපයක සිට සම්මාන ලැබෙනවා. නිර්දේශ වෙනවා. මේ ගැන හිතේ සතුටක් තියෙනවා. මගේ උත්සාහයට, මහන්සියට හා කැපවීමට පමා වී හෝ ඇගැයීමක් ලැබීම ගැන. සමහරු අහනවා ‘හොඳම නළුවා‘ සම්මානය ගැනීම දැන් පුරුද්දට ගිහින්ද කියලත්.

හොඳම නළුවා වෙන්න මෙතරම් කලක් ගත වුණේ ඇයි?

එය එක් එක් විනිශ්චය මණ්ඩලවල දැකීම් වෙන්න පුළුවන්. හැමදාම සම්මාන උළෙලක් තිබුණට පස්සේ විනිශ්චය පිළිබඳ ලොකු මත වාද ඇති වෙනවා. ඇත්තටම විනිශ්චය මණ්ඩල ඒ ගැන පිළිතුරු දිය යුතුයි. කෙසේ වෙතත් ජනතාවගේ සම්මානය මට කොහොමත් ලැබෙනවා. නමුත් සම්මානනීය කලාකරුවෙක් වීමේ යම් ආස්වාදයක් තිබෙනවා.

ප්‍රධාන චරිතයට පණ පෙවූ ඔබ වසර ගණනක්ම නිර්දේශ වුණේ සහාය නළු සම්මානයටයි?

ඒ ක්‍රමවේදය මට තේරෙන්නෙත් නැහැ. සමහරවෙලාවට සහාය නළුවාගේ චරිතවලටත් හොඳම නළුවා සම්මානය ලැබී තිබෙනවා. අධ්‍යක්ෂවරයා ප්‍රධාන චරිත හා සහාය චරිත පිළිබඳ සඳහන් කර නැත්නම් ඔහු හෝ ඇය යම් කාණ්ඩයකට තෝරා ගැනීමේ නිදහසක් විනිශ්චය මණ්ඩලයට තිබෙනවා යැයි මා අසා තිබෙනවා‍.

සම්මාන ගත් පමණින් කලාකරුවාට මේ රටේ නිසි ඇගැයීමක් තිබෙනවාද?

මෙය කලාවට පමණක් නෙමෙයි මේ රටේම ඛේදවාචකයක් බවට පත් වෙලා. අද, “කලාකරුවෝද හිඟන්නෝය“ කියන්නේ ඔවුන් ළඟ තැන්පතු ධනයක් නැති නිසා. ඕනේම ප්‍රශ්නයකදී මිනිස්සු ඉස්සෙල්ලාම කරන්නේ ‘එන්ටර්ටේට්මන්ට්‘ කියන කොටස කපා හැරීමයි. මිතුරු ඇසුර නවත්වනවා, පාර්ටි දැමීම නවත්වනවා, නාට්‍යක් චිත්‍රපටයක් බලන්න එළියට යන එක කපා හරිනවා. ඊට පස්සේ ගෙදරටම වෙලා කාලා බීලා මොකද වෙන්නේ කියලා නිවුස් දිහා බලන් ඉන්නවා. අප්‍රේල් 21 සිදුවීමෙන් පස්සේ රටත් කලාකරුවොත් අනාථයි. කොහෙන් ගොඩ යන්නද හිතන්නත් බෑ.

මහේන්ද්‍ර පෙරේරාගේ සම්මානනීය මඟ එතරම් සිනිඳු සුසිනිඳු නොවන බව අසා තිබෙනවා?

මගේ තාත්ත කියලා තියනවා මම දෙහි ගෙඩි දෙකක්වත් උස නැතුව නළුවෙක් වෙන්න හදනවා කියලා. නමුත් කලංසූරිය දැක්කාහම මටත් නළුවෙක් වෙන්න පුළුවන් කියන ධෛර්යය දරුණුවටම ආවා. මොන්ටිසෝරි කාලේ ඉඳන් නටනවා, බෙර ගහනවා, අලුත් චිත්‍රපටයක් බලලා ගෙදර ඇවිත් එහා ගෙදර ළමයි එක්ක ගෙදර සාලේ ඒ චිත්‍රපටය රඟපානවා. ගෙදර අයට තමයි පෙන්නන්නේ. හැබැයි රඟපානවට ඔවුන්ගෙන් සල්ලි ගන්නවා. මොන දේ කළත් ගෙදරින් නම් අවසර ලැබුණෙ නැහැ. රඟපාන්න යන්න සල්ලි ලැබෙන්නෙත් නැහැ. නමුත්, රංගනය හදාරන්න මට වුවමනාව තිබුණා. රඟපෑමේ විෂය ගැන මගේ ඇස් පෑදුවේ ආචාර්ය සලමොන් ෆොන්සේකා. එතුමාගේ නාට්‍ය පන්තිවලට මා යොමු කළේ ඩන්ස්ටන් කියලා මගේ යාළුවෙක්.

ගෙදරින් අවසර නැතිව කොහොමද ඔබ ඒ ගමන ආවේ?

ගෙදර සල්ලි තිබුණට තාත්තා හැම වෙලේම කිව්වේ නළුවෙක් වෙන්න නම් “මගෙන් සල්ලි ඉල්ලන්න එපා“ කියලයි. “සත පහක්වත් එපා මං කරලා පෙන්වන්නම්“ කියලා, මං මාළු ටැංකි හදලා මාළු වික්කා. ඒ සල්ලිවලින් රිහසල්ස් යනවා. ඒ දවස්වල කැසිනෝ ගැහුවා. කාලයක් විදේශිකයෝ එන හෝටල්වලට එළවළු වික්කා, රංගනයෙන් පවතින්න ඕනේ නිසා මේ වගේ නානාප්‍රකාර වැඩ කළා. හැබැයි ඉතින් ඔය මුකුත්ම නැති වෙලා බැරිම වුණොත් තාත්තාගේ සාක්කුවටයි අම්මගේ පර්ස් එකටයි හොරෙන් බහිනවා. ගෙදරින් අකැමැති වෙලා රඟපාන්න නොදීම ඉන්නකොට හපුතලේ යහලබැද්දේ කියන ගමේ ටික කාලයක් නැවතුණා. එහෙ ඉඳන් දුරින් නෑ වෙන අයියා කෙනෙක් එක්ක කුඹුරු කොටලා අල,කැරට් වැව්වා. අයියාගෙනුත් ගාණක් කඩා ගන්නවා. හවසට පොඩි අඩියක් ගහලා, බුලත් කකා ගිහින් දෙමළ චිත්‍රපට බලනවා.

ඔය අතරේ කොහොම හරි නාට්‍ය පන්තිත් යනවා. එහෙම යද්දි පොඩි පොඩි වැඩ ලැබුණා. විදෙස් කලාකරුවන් එක්ක වැඩමුළු රැසකට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ කාලේ වැඩමුළු එක්කම නාට්‍ය දෙකක් කළා ‘ගිම්හානයේ රැයක සිහිනයක්‘ හා ‘තුන්තිලා‘. ඒ කාලේ හරියට විභාග කළා වගේ. කොහොමහරි අවුරුදු ගාණක් මං මේකෙම එල්ලිලා ඉන්න කොට මේක හරියන වැඩක් නෙමයි කියලා තාත්තට හිතලා වෙන්න ඇති “ ඇවිත් රඟපාන්න බැරි නම් ඕන දෙයක් කරගන්න“ කියලා හපුතලේ ඉඳන් එන්න අවසර දුන්නා. හැම කට්ටක්ම කාගෙන වේදිකාවේ රූපවාහිනියේ රැඳුණත් මගේ ප්‍රධාන අරමුණ වුණේ සිනමා නළුවෙක් වෙන්නයි. අදටත් සිනමාව තමයි මගේ ටාර්ගට් එක.

සිනමාවේ සපුරා ගත යුතු තවත් අරමුණු ඔබට තියනවා එහෙනම්?

සිනමාවේ තව චුට්ටක් ස්ථාපිත වෙන්න තියෙනවාදෝ කියලත් හිතෙනවා. සිනමාව කිසියම් පෝෂණීය තත්ත්වයකට එනකල් රංගනයෙන් දායකත්වයක් දීලා ස්ථාපිත වෙන්න හැඟීමක් තියනවා. මම සිනමාවේ ලොකු තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. මොකද, මිනිසුන් තෝරා බේරාගෙන නිර්මාණ බලන නිසා. නමුත් රූපවාහිනිය ඊට සපුරා වෙනස්. අපි වැරැදි දෙයක් කාන්දු කළොත් සමාජය එය අල්ල ගන්න බලනවා. පුළුවන් තරම් උත්සාහ කරන්නේ හොඳ තත්ත්වයෙන් පවතින්න. නමුත් හැමදාම වෙලා තියෙන්නේ හොඳ තත්ත්වයෙන් පවතින්නේ කොහොමද කියලා සොයමින් ඉන්නයි.

අධ්‍යක්ෂණයට තවම අදහසක් නැද්ද?

අධ්‍යක්ෂණයට කැමැත්තක් තිබුණත් මේ රටේ නිෂ්පාදකවරයා රැක ගන්නේ කොහොමද යන උභතෝකෝටික ගැටලුවක් මට තිබෙනවා. කාගේ හෝ සල්ලිත් එක්ක සෙල්ලම හොඳ නෑ කියන බය මට තියෙන නිසා අධ්‍යක්ෂණය ගැන තාම මම ඉන්නේ වැනි වැ‍නී.

ජාත්‍යන්තරය ජගත් කලාකරුවන්ට මේ රටේ තිබෙන ඇගැයීම ගැන ඔබේ අදහස?

අපේ කලාකරුවන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙලා මෙහෙට එනවා. ඔවුන්ට එතැනින් එහාට කිසිවක් නැහැ. පිටරටදී අපි රෙඩ් කාර්පට් දාලා පිළිගත්තත් මෙහෙ ආවාහම අදාළ පාර්ශ්ව මූණ බලන්නෙත් නැහැ. ඒ තරම් මේ රටේ අධ්‍යාත්මික බව විනාස වෙලා. මේ යන රටාව බලනකොට දැනෙන්නේ කලකිරීමක්. හැමදේම දමලා ගහලා මේ රටින් යන්නත් හිතෙනවා. නමුත් රංගනය එපා නොවන නිසා කොහේ ගියත් කාලෙකට ඇවිත් දෙයක් කරලා යනවා.

මහේන්ද්‍ර පෙරේරා කිට්ටුවට එන්න කෙනෙක් මෑත කාලයේ නැහැ කියනවා?

ගාමිණි ෆොන්සේකා සර්, ජෝ මහත්තා අසුරු කර තිබුණත් මට කවදාත් ඔවුන්ට කිට්ටු වෙන්න බැහැ. මම මාව සොයා ගත යුතුයි, මගේ ටෙක්නික් සොයා ගත යුතුයි. කිසිම කෙනකුට මම විදිහටම රඟපාන්න බැහැ. එහෙම වෙන්නෙත් නැහැ. මට වඩා හොඳට රඟපාන කෙනෙක් එන්න පුළුවන්. නමුත් තව මහේන්ද්‍ර පෙරේරා කෙනෙක් නම් වෙන්න බැරි වෙයි. මම සීයයට දෙසීයයක් අවංකව මේ විෂය තුළ නිරත වීමට අවශ්‍යයි.

ඔබට අභියෝගයක් වූ රංගන ශිල්පියෙක් සිටිනවාද?

රඟපෑම අභියෝගයක් ලෙස මම දකින්නේ නැහැ. කවුරුත් මට කියන්නේ නැහැ ‘පුළුවන් නම් මේ චරිතය කරලා පෙන්නන්න‘ කියලා. අභියෝගය කියන්නේ අන්න ඒක. කවුරුන් හෝ මගේ ළඟට එන්නේ මම ඉතා හොඳින් රංගනයේ යෙදිලා ඒ නිර්මාණයට ඉතා හොඳ දායකත්වයක් ලබා දේවී යැයි දැඩි විශ්වාසයක් ඇතුවයි. එතැනදි මට අලුත් නළුවාද පරණ නළුවාද කියන කාරණය අභියෝගයක් නැහැ. අභියෝගයක් වෙන්න නම් මේක තරගයක් විය යුතුයි. මේ ලංකාවේ තියනවා ලෝකේ කිසිම කලා ක්ෂේත්‍රයක නැති වචනයක් ‘ස්කෝ‘ කරනවා කියලා. ස්කෝර් කරන්න කලාව තරගයක් නෙමෙයි.

ඔබ පෙනී සිටි දැන්වීමක් නිසා එය ඔබේ වෘත්තීය ගරුත්වයට හානි වූ බව අදහසක් තිබෙනවා ?

එහෙම නම් මට මෙලහකටත් වෙන්න එපැයි. මම මගේ ගමන් මඟ විනාස කර ගන්නවා නම් ඒක ලෙඩක්. පැය 24ම මගේ ජීවිතේ රඟපෑම. මට හානියක් වෙන දෙයක් මම කරන්නේ නැහැ.

ඔබේ ලෝකයේ සිනමා වීරයෙක් සිටියාද?

එහෙම හිටියේ නැහැ. පස්සේ ගාමිනී සර්, ජෝ මහත්තයලා දැක්කහම ඔවුන් මගේ වීරයෝ වුණා.

ඊළඟ පරම්පරාවට කියන්න යමක් ඔබට ඇති?

පුළුවන් තරම් විෂයානුබද්ධ වෙන්න. විෂය සොයා යන ගමන් විෂයට ගරු කරන්න, ආදරය කරන්න, කැප වෙන්න. එහෙම කළොත් කවදාහරි දවසක විෂය පෙරළා තමාට සලකන්න පටන් ගනීවි.

ටානියා මෝසස්

ඡායාරූප – ටෙනිසන් එදිරිසිංහමගේ තාත්ත කියලා තියනවා මම දෙහි ගෙඩි දෙකක්වත් උස නැතුව නළුවෙක් වෙන්න හදනවා කියලා. නමුත් කලංසූරිය දැක්කාහම මටත් නළුවෙක් වෙන්න පුළුවන් කියන ධෛර්යය දරුණුවටම ආවා. මොන්ටිසෝරි කාලේ ඉඳන් නටනවා, බෙර ගහනවා, අලුත් චිත්‍රපටයක් බලලා ගෙදර ඇවිත් එහා ගෙදර ළමයි එක්ක ගෙදර සාලේ ඒ චිත්‍රපටය රඟපානවා. ගෙදර අයට තමයි පෙන්නන්නේ. හැබැයි රඟපානවට ඔවුන්ගෙන් සල්ලි ගන්නවා. මොන දේ කළත් ගෙදරින් නම් අවසර ලැබුණෙ නැහැ. රඟපාන්න යන්න සල්ලි ලැබෙන්නෙත් නැහැ. නමුත්, රංගනය හදාරන්න මට වුවමනාව තිබුණා. රඟපෑමේ විෂය ගැන මගේ ඇස් පෑදුවේ ආචාර්ය සලමොන් ෆොන්සේකා. එතුමාගේ නාට්‍ය පන්තිවලට මා යොමු කළේ ඩන්ස්ටන් කියලා මගේ යාළුවෙක්.

ගෙදරින් අවසර නැතිව කොහොමද ඔබ ඒ ගමන ආවේ?

ගෙදර සල්ලි තිබුණට තාත්තා හැම වෙලේම කිව්වේ නළුවෙක් වෙන්න නම් “මගෙන් සල්ලි ඉල්ලන්න එපා“ කියලයි. “සත පහක්වත් එපා මං කරලා පෙන්වන්නම්“ කියලා, මං මාළු ටැංකි හදලා මාළු වික්කා. ඒ සල්ලිවලින් රිහසල්ස් යනවා. ඒ දවස්වල කැසිනෝ ගැහුවා. කාලයක් විදේශිකයෝ එන හෝටල්වලට එළවළු වික්කා, රංගනයෙන් පවතින්න ඕනේ නිසා මේ වගේ නානාප්‍රකාර වැඩ කළා. හැබැයි ඉතින් ඔය මුකුත්ම නැති වෙලා බැරිම වුණොත් තාත්තාගේ සාක්කුවටයි අම්මගේ පර්ස් එකටයි හොරෙන් බහිනවා. ගෙදරින් අකැමැති වෙලා රඟපාන්න නොදීම ඉන්නකොට හපුතලේ යහලබැද්දේ කියන ගමේ ටික කාලයක් නැවතුණා. එහෙ ඉඳන් දුරින් නෑ වෙන අයියා කෙනෙක් එක්ක කුඹුරු කොටලා අල,කැරට් වැව්වා. අයියාගෙනුත් ගාණක් කඩා ගන්නවා. හවසට පොඩි අඩියක් ගහලා, බුලත් කකා ගිහින් දෙමළ චිත්‍රපට බලනවා.

ඔය අතරේ කොහොම හරි නාට්‍ය පන්තිත් යනවා. එහෙම යද්දි පොඩි පොඩි වැඩ ලැබුණා. විදෙස් කලාකරුවන් එක්ක වැඩමුළු රැසකට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ කාලේ වැඩමුළු එක්කම නාට්‍ය දෙකක් කළා ‘ගිම්හානයේ රැයක සිහිනයක්‘ හා ‘තුන්තිලා‘. ඒ කාලේ හරියට විභාග කළා වගේ. කොහොමහරි අවුරුදු ගාණක් මං මේකෙම එල්ලිලා ඉන්න කොට මේක හරියන වැඩක් නෙමයි කියලා තාත්තට හිතලා වෙන්න ඇති “ ඇවිත් රඟපාන්න බැරි නම් ඕන දෙයක් කරගන්න“ කියලා හපුතලේ ඉඳන් එන්න අවසර දුන්නා. හැම කට්ටක්ම කාගෙන වේදිකාවේ රූපවාහිනියේ රැඳුණත් මගේ ප්‍රධාන අරමුණ වුණේ සිනමා නළුවෙක් වෙන්නයි. අදටත් සිනමාව තමයි මගේ ටාර්ගට් එක.

සිනමාවේ සපුරා ගත යුතු තවත් අරමුණු ඔබට තියනවා එහෙනම්?

සිනමාවේ තව චුට්ටක් ස්ථාපිත වෙන්න තියෙනවාදෝ කියලත් හිතෙනවා. සිනමාව කිසියම් පෝෂණීය තත්ත්වයකට එනකල් රංගනයෙන් දායකත්වයක් දීලා ස්ථාපිත වෙන්න හැඟීමක් තියනවා. මම සිනමාවේ ලොකු තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. මොකද, මිනිසුන් තෝරා බේරාගෙන නිර්මාණ බලන නිසා. නමුත් රූපවාහිනිය ඊට සපුරා වෙනස්. අපි වැරැදි දෙයක් කාන්දු කළොත් සමාජය එය අල්ල ගන්න බලනවා. පුළුවන් තරම් උත්සාහ කරන්නේ හොඳ තත්ත්වයෙන් පවතින්න. නමුත් හැමදාම වෙලා තියෙන්නේ හොඳ තත්ත්වයෙන් පවතින්නේ කොහොමද කියලා සොයමින් ඉන්නයි.

අධ්‍යක්ෂණයට තවම අදහසක් නැද්ද?

අධ්‍යක්ෂණයට කැමැත්තක් තිබුණත් මේ රටේ නිෂ්පාදකවරයා රැක ගන්නේ කොහොමද යන උභතෝකෝටික ගැටලුවක් මට තිබෙනවා. කාගේ හෝ සල්ලිත් එක්ක සෙල්ලම හොඳ නෑ කියන බය මට තියෙන නිසා අධ්‍යක්ෂණය ගැන තාම මම ඉන්නේ වැනි වැ‍නී.

ජාත්‍යන්තරය ජගත් කලාකරුවන්ට මේ රටේ තිබෙන ඇගැයීම ගැන ඔබේ අදහස?

අපේ කලාකරුවන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙලා මෙහෙට එනවා. ඔවුන්ට එතැනින් එහාට කිසිවක් නැහැ. පිටරටදී අපි රෙඩ් කාර්පට් දාලා පිළිගත්තත් මෙහෙ ආවාහම අදාළ පාර්ශ්ව මූණ බලන්නෙත් නැහැ. ඒ තරම් මේ රටේ අධ්‍යාත්මික බව විනාස වෙලා. මේ යන රටාව බලනකොට දැනෙන්නේ කලකිරීමක්. හැමදේම දමලා ගහලා මේ රටින් යන්නත් හිතෙනවා. නමුත් රංගනය එපා නොවන නිසා කොහේ ගියත් කාලෙකට ඇවිත් දෙයක් කරලා යනවා.

මහේන්ද්‍ර පෙරේරා කිට්ටුවට එන්න කෙනෙක් මෑත කාලයේ නැහැ කියනවා?

ගාමිණි ෆොන්සේකා සර්, ජෝ මහත්තා අසුරු කර තිබුණත් මට කවදාත් ඔවුන්ට කිට්ටු වෙන්න බැහැ. මම මාව සොයා ගත යුතුයි, මගේ ටෙක්නික් සොයා ගත යුතුයි. කිසිම කෙනකුට මම විදිහටම රඟපාන්න බැහැ. එහෙම වෙන්නෙත් නැහැ. මට වඩා හොඳට රඟපාන කෙනෙක් එන්න පුළුවන්. නමුත් තව මහේන්ද්‍ර පෙරේරා කෙනෙක් නම් වෙන්න බැරි වෙයි. මම සීයයට දෙසීයයක් අවංකව මේ විෂය තුළ නිරත වීමට අවශ්‍යයි.

ඔබට අභියෝගයක් වූ රංගන ශිල්පියෙක් සිටිනවාද?

රඟපෑම අභියෝගයක් ලෙස මම දකින්නේ නැහැ. කවුරුත් මට කියන්නේ නැහැ ‘පුළුවන් නම් මේ චරිතය කරලා පෙන්නන්න‘ කියලා. අභියෝගය කියන්නේ අන්න ඒක. කවුරුන් හෝ මගේ ළඟට එන්නේ මම ඉතා හොඳින් රංගනයේ යෙදිලා ඒ නිර්මාණයට ඉතා හොඳ දායකත්වයක් ලබා දේවී යැයි දැඩි විශ්වාසයක් ඇතුවයි. එතැනදි මට අලුත් නළුවාද පරණ නළුවාද කියන කාරණය අභියෝගයක් නැහැ. අභියෝගයක් වෙන්න නම් මේක තරගයක් විය යුතුයි. මේ ලංකාවේ තියනවා ලෝකේ කිසිම කලා ක්ෂේත්‍රයක නැති වචනයක් ‘ස්කෝ‘ කරනවා කියලා. ස්කෝර් කරන්න කලාව තරගයක් නෙමෙයි.

ඔබ පෙනී සිටි දැන්වීමක් නිසා එය ඔබේ වෘත්තීය ගරුත්වයට හානි වූ බව අදහසක් තිබෙනවා ?

එහෙම නම් මට මෙලහකටත් වෙන්න එපැයි. මම මගේ ගමන් මඟ විනාස කර ගන්නවා නම් ඒක ලෙඩක්. පැය 24ම මගේ ජීවිතේ රඟපෑම. මට හානියක් වෙන දෙයක් මම කරන්නේ නැහැ.

ඔබේ ලෝකයේ සිනමා වීරයෙක් සිටියාද?

එහෙම හිටියේ නැහැ. පස්සේ ගාමිනී සර්, ජෝ මහත්තයලා දැක්කහම ඔවුන් මගේ වීරයෝ වුණා.

ඊළඟ පරම්පරාවට කියන්න යමක් ඔබට ඇති?

පුළුවන් තරම් විෂයානුබද්ධ වෙන්න. විෂය සොයා යන ගමන් විෂයට ගරු කරන්න, ආදරය කරන්න, කැප වෙන්න. එහෙම කළොත් කවදාහරි දවසක විෂය පෙරළා තමාට සලකන්න පටන් ගනීවි.

ටානියා මෝසස්

ඡායාරූප – ටෙනිසන් එදිරිසිංහ